Thursday, December 15, 2011

දකුණු කළුතර-ගාල්ල දුම්රිය මාර්ගය
ජන. 1දා සිට අලුත්වැඩියාවට වැසේ
 

අනුර බාලසූරිය

අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගාල්ල සිට දකුණු කළුතර දක්‌වා කොටස ලබන ජනවාරි 1 වැනිදා සිට අලුත්වැඩියාව නිමවන තෙක්‌ වසා තැබෙනු ඇත.

මේ අතර මෙම මස 24 වැනිදා සිට 31 වැනිදා දක්‌වා දිනවල පෙරවරු 9.00 සිට පස්‌වරු 3.00 දක්‌වා අතර කාලසීමාව තුළ අලුත්ගම හා දකුණු කළුතර අතර දුම්රිය ධාවනය අත්හිටුවන බවද දුම්රිය වාණිජ අධිකාරී ජී. ඩබ්ලිව්. එස්‌. සිසිර කුමාර මහතා පැවසීය. අලුත්වැඩියා කටයුතු හේතුවෙන් දැනට මෙම මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙනුයේ කොළඹ සිට අලුත්ගම දක්‌වා පමණි. ලබන ජනවාරි 1 වැනිදා සිට අලුත්වැඩියා කටයුතු නිම කෙරෙන තෙක්‌ දුම්රිය ධාවනය සිදු කෙරෙනුයේ කොළඹ සිට දකුණු කළුතර දක්‌වා පමණි.

ගාල්ල හා අලුත්ගම අතර දැනට අලුත්වැඩියා කටයුතු සිදු කෙරෙන අතරම අලුත්ගම සිට දකුණු කළුතර දක්‌වා අලුත්වැඩියා කටයුතු ද සිදු කළ යුතු බව අදාළ ඉන්දීය සමාගම දැනුම් දී ඇත.

එA අනුව දුම්රිය දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන තිබේ.

දුම්රිය මාර්ගයේ සම්පූර්ණ අලුත්වැඩියා කටයුතු ලබන වසරේ මාර්තු 31 වැනිදා වන විට අවසන් කර භාරදීමට නියමිත බවද සිසිර කුමාර මහතා පැවසීය.

ගාල්ල හා අලුත්ගම අතර දුම්රිය මාර්ග අලුත්වැඩියා කටයුතුවලින් මේ වන විට සියයට 75 කට වැඩි ප්‍රමාණයක්‌ අවසන් වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
 

No comments:

Post a Comment