![](http://www.divaina.com/images/index_r1_c1.gif)
වසර 15 ක් දුම්රිය හරස් මග රකින
"ඉසි අක්‌කා"
මෙවන් සමාජ සේවිකාවන් රටට වාසනාවන්!
කැකිරාව - සුදත් ඒකනායක
![](http://www.divaina.com/2011/12/22/isi1.jpg)
බැලුවාම දෙන්නාම මියගිහින්. මම හිටියා නම් ඒක වෙන්නේ නෑ.
මහව ගල්ඔය දුම්රිය මාර්ගයේ පලුගස්‌වැව, පුවක්‌පිටිය ගමේ දුම්රිය හරස් මග පහළොස් වසරක් පුරාවට මුර කරන පුවක්‌පිටියේ ඉසි අක්‌කා තම ජීවිත අද්දැකීමක් එසේ "දිවයින"ට විස්‌තර කළාය.
අද බොහොම දෙනෙක් සමාජ සේවය කරනු ලබන්නේ, ප්‍රසිද්ධියට, නම්බුනාම ගන්න නැත්නම් කුමක් හෝ ලාභයක් උදෙසාය. එහෙත් පලුගස්‌වැව, පුවක්‌පිටියේ ඉසි අක්‌කා දුම්රිය හරස් මග මුරකරමින් කරනු ලබන සේවයට නම් ලැබූ දෙයක් නැත. එහෙත් මෙවැනි අහිංසක, නිහතමානී සමාජ සේවිකාවක් අප ජන සමාජය අතර සිටීම කොතරම් උතුම්ද යනු සිතා බැලිය යුතුය.
පනස්‌හය හැවිරිදි ඇය නමින් එස්. සිරියාවතීය. කුඩා කලසිට ප්‍රදේශවාසීන් ඇය අමතා ඇත්තේ ඉස්‌සි අක්‌කා යනුවෙනි. පලුගස්‌වැව පුවක්‌පිටිය පදිංචි ඇය දූ පුතුන් හතර දෙනෙකුගේ මවකි. පී. සේරදමා සැමියායි. කරනු ලබන සමාජ සේවයට අමතරව ජීවත්වීම උදෙසා රැකියාව වශයෙන් කරන්නේ පලා විකිණීමයි.
මහව ගල්ඔය දුම්රිය මාර්ගයේ පුවක්‌පිටිය කිලෝ මීටර් 205 කණුව අසල දුම්රිය හරස් මග රකින පුවක්‌පිටියේ ඉසි අක්‌කා තවත් විස්‌තර මෙසේ ප්‍රකාශ කළාය.
![](http://www.divaina.com/2011/12/22/isi.jpg)
කිසිදු මුදලක් නොලබා පුවක්‌පිටියේ ඉසිඅක්‌කා සිදු කරන මෙම සමාජ සේවයට අමතරව ඇය ගෙවත්තේ පිංතාලියක් තබා ප්‍රදේශවාසීන්ගේ පිපාසය සංසිඳුවීමට ද කටයුතු කිරීම අගය කළ යුත්තකි.
No comments:
Post a Comment