![](http://www.divaina.com/images/index_r1_c1.gif)
මස්‌කෙළිය - ගාමිණී බණ්‌ඩාර - ඉලංගන්තිලක
![](http://www.divaina.com/2011/12/05/railway.jpg)
මෙම දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට අලාභ හානි සිදුවී ඇති අතර ඉන්ධන ටැංකියටද දැඩි ලෙස අලාභ වී ඇත. මේ නිසා උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු කොළඹ සිට නාවලපිටිය දක්‌වාත්, බදුල්ලේ සිට හැටන් දක්‌වාත් සීමා කර ඇති බව දුම්රිය පාලන මැදිරිය පවසයි.
පීලි පනින ලද දුම්රියේ තෙල් ටැංකිය ඉවත් කිරීමට දොඹකරයක් අවශ්‍ය බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි. පෙරලී ඇති තෙල් ටැංකියේ ඉන්ධන ඉවත් කර ගන්නා ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව මගින් කොටගල ඛනිජ තෙල් සංස්‌ථා නිලධාරීන්ට දැනුම්දී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.
No comments:
Post a Comment