Thursday, December 1, 2011

දුම්රිය ස්‌ථානවල නිවේදකයන්ට 
ත්‍රී භාෂා කථන පුහුණුවක්‌ 

අකිත පෙරේරා 

දුම්රිය ස්‌ථානවලදී සිදු කෙරෙන දුම්රිය ගමනා ගමනය සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කෙරෙනු ලබන නිවේදන කටයුතුවලදී රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කරන බවත් එබැවින් එම නිවේදකයන් සඳහා ත්‍රීභාෂා කථන පුහුණු වැඩමුළුවක්‌ පැවැත්වීමට රාජ්‍ය භාෂා කොමිසම තීරණය කර ඇත. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේදී මෙම කථන පුහුණුව වැඩමුළුව පැවැත්විණි.

එම නිවේදන කටයුතුවල නිරතවෙන පුද්ගලයන් පනස්‌ දෙනකු සඳහා පැවැත්වූ මෙම වැඩමුළුව කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනය විසින් මෙහෙයවීය. ඒ අනුව මින් ඉදිරියට එම ගමනා ගමන කටයුතු රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට ගැලපෙන පරිදි සිංහල, දෙමළ, සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම සිදු කළ යුතු වනු ඇත.

මෙම නිවේදන භාෂා තුනෙන්ම සිදු කළ යුතු වුවද පළපුරුදු නිවේදකයන් ප්‍රමාණවත් නොවන බැවින් බොහෝ දුම්රිය ස්‌ථානවලදී භාෂා තුනෙන්ම දැනුවත් කිරීම් සිදු නොවන බවද රාජ්‍ය භාෂා කොමිසමේ උසස්‌ නිලධාරියකු පැවසූ අතර ඒ සම්බන්ධව කොමිසමට පැමිණිලි ලැබී ඇති බවද පැවැසීය.
 

No comments:

Post a Comment