Thursday, December 1, 2011

බදුල්ල-වැල්ලවාය යෝජිත 
දුම්රිය මාර්ගයට ශක්‍යතා අධ්‍යයනයක්‌

රනිල් ධර්මසේන

බදුල්ල සිට වැල්ලවාය දක්‌වා යෝජිත දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක්‌ සිදු කිරීමට රජය තීරණය කර ඇත.

මේ යටතේ බදුල්ල සිට බිබිල හා මොණරාගල හරහා වැල්ලවාය දක්‌වා නව දුම්රිය මාර්ගයක්‌ ඉදිකිරීමට නියමිතය. මෙම දුම්රිය මාර්ගයේ දුර කිලෝමීටර් 80 ක්‌ පමණ වේ.

ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයන සඳහා කොන්ත්‍රාත්තුව ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පවරා තිබේ. මෙම ප්‍රදේශයේ ඇති උස මට්‌ටම සැලකිල්ලට ගෙන බදුල්ල, වැල්ලවාය, මොනරාගල, හා ඇඹිලිපිටිය යන නගර ඇතුළත්ව රටේ ගිනිකොණ ප්‍රදේශ පළමුව ආවරණය වන පරිදි මෙම අධ්‍යයනය සිදුකෙරේ.

ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා මේ පිළිබඳව ඇමැති මණ්‌ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට එහි අනුමැතියද හිමිව ඇත.

No comments:

Post a Comment