Friday, September 14, 2012



ඔහිය ගිනි ගනී - "මැණිකේ" නතර වෙයි!

කරුණාරත්න පල්ලේගම - බණ්‌ඩාරවෙල සහ හපුතලේ - එස්‌. බුවනෙක

හපුතලේ ඉදල්ගස්‌හින්න, ඔහිය රක්‍ෂිතයේ පෙරේදා (13 දා) රාත්‍රී ඇතිවූ හදිසි ගින්නක්‌ ඊයේ (14 දා) දහවල් වන විටත් පැතිරෙමින් තිබූ අතර මේ වන විට රක්‌ෂිතයේ අක්‌කර හයසියයක්‌ පමණ ගින්නෙන් විනාශ වී තිබේ.


මෙම ගින්න ඉදල්ගස්‌හින්න සහ ඔහිය අතර පැතිරෙමින් පවතී. ගින්න පැතිරීම නිසා ඊයේ (14 දා) උදෑසන බදුල්ල දුම්රිය ස්‌ථානයෙන් කොළඹ කොටුව බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය ඉදල්ගස්‌හින්න අංක 25 දුම්රිය බිංගය අසල නතර කර තැබීමටද දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය පාලක මැදිරිය කටයුතු යොදා තිබේ.
මේ වන විටත් ගින්න රක්‌ෂිතයේ තියුණු ලෙස පැතිරෙමින් තිබීම නිසා දුම්රිය මාර්ගයේ ආරක්‌ෂාව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් යොදවා ඇති බවත් ගින්න නිවාදැමීම සඳහා දියතලාව යුද හමුදා කඳවුරේ යුද හමුදා සෙබළුන් පිටත් කර ඇති බවත් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ බදුල්ල දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකාරක උදය බණ්‌ඩාර මහතා පැවසීය. මීට අමතරව දුම්රිය සේවකයන් 20 දෙනකුගෙන් පමණ යුත් කණ්‌ඩායමක්‌ද ගින්න මැඩ පැවැත්වීම සඳහා යොදවා ඇතැයි ඔහිය ස්‌ථිර මාර්ග පරීක්‌ෂක කාර්යාලයේ නිලධාරි අමිල රුවන් රත්නායක මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment