Friday, December 9, 2011

Northern Sydney freight upgrade agreed

08 December 2011
AUSTRALIA: A long-planned A$1·1bn package of enhancements to accommodate more freight on the main line between Sydney and Newcastle has been formally approved.
Federal Infrastructure & Transport Minister Anthony Albanese joined NSW Premier Barry O'Farrell at Hornsby station on December 7 to launch the Northern Sydney Freight Corridor Upgrading. This covers several projects on the line between North Strathfield and Hexham, including grade separation at North Strathfield, a third track between Epping and Pennant Hills, additional passing loops near Gosford and a freight holding track at Hexham.
Work is expected to get underway in February following the signing of the agreement between the federal government, which will contribute A$840m, and the state of New South Wales which will provide A$214m.
Threading freight trains through the Sydney suburban network poses the biggest bottleneck on ARTC's north-south interstate corridor between Melbourne and Brisbane. Work is already underway on the Southern Sydney Freight Line, which will provide a 36 km dedicated freight track between Macarthur and Sefton. Once the Northern Corridor improvements are completed in June 2016, freight capacity in the corridor will be increased from 29 to 44 trains per day.
O'Farrell said that as well as boosting national economic productivity, the work would bring improvements to the reliability of local passenger services. The stations at Concord West and Cheltenham will be rebuilt with improved accessibility.
The governments have signed a 20-year agreement guaranteeing access for freight whilst continuing to prioritise commuter service reliability. This was reportedly a major sticking point in the negotiations which have been underway since ARTC first proposed the Strathfield underpass in 2005; the federal government offered four years ago to provide funding in return for guaranteed access.
'After almost three years of detailed planning and preconstruction activities, we've today pressed the "go" button on a project which will help keep Sydney and Australia moving', said Albanese, noting that a 'threefold increase in interstate freight volumes' is projected in the next few years.

Source:

Tuesday, December 6, 2011

Running on a Faster Track: Researchers Develop Scheduling Tool to Save Time on Public Transport

Posted on March 1, 2011

Running on a Faster Track: Researchers Develop Scheduling Tool to Save Time on Public TransportDr. Tal Raviv and his graduate student Mor Kaspi of Tel Aviv University's Department of Industrial Engineering in the Iby and Aladar Fleischman Faculty of Engineering have developed a tool that makes passenger train journeys shorter, especially when transfers are involved -- a computer-based system to shave precious travel minutes off a passenger's journey.


Dr. Raviv's solution, the "Service Oriented Timetable," relies on computers and complicated algorithms to do the scheduling. "Our solution is useful for any metropolitan region where passengers are transferring from one train to another, and where train service providers need to ensure that the highest number of travellers can make it from Point A to Point B as quickly as possible," says Dr. Raviv.

Saves time and resources

In the recent economic downturn, more people are seeking to scale back their monthly transportation costs. Public transportation is a win-win -- good for both the bank account and the environment. But when travel routes are complicated by transfers, it becomes a hard job to manage who can wait -- and who can't -- between trains.

Another factor is consumer preference. Ideally, each passenger would like a direct train to his destination, with no stops en route. But passengers with different itineraries must compete for the system's resources. Adding a stop at a certain station will improve service for passengers for whom the station is the final destination, but will cause a delay for passengers who are only passing through it. The question is how to devise a schedule which is fair for everyone. What are the decisions that will improve the overall condition of passengers in the train system?

It's not about adding more resources to the system, but more intelligently managing what's already there, Dr. Raviv explains.

More time on the train, less time on the platform

In their train timetabling system, Dr. Raviv and Kaspi study the timetables to find places in the train scheduling system that can be optimized so passengers make it to their final destination faster.

Traditionally, train planners looked for solutions based on the frequency of trains passing through certain stops. Dr. Raviv and Kaspi, however, are developing a high-tech solution for scheduling trains that considers the total travel time of passengers, including their waiting time at transfer stations.

"Let's say you commute to Manhattan from New Jersey every day. We can find a way to synchronize trains to minimize the average travel time of passengers," says Dr. Raviv. "That will make people working in New York a lot happier."

The project has already been simulated on the Israel Railway, reducing the average travel time per commuter from 60 to 48 minutes. The tool can be most useful in countries and cities, he notes, where train schedules are robust and very complicated.

The researchers won a competition of the Railway Application Section of the International Institute for Operation Research and Management Science (INFORMS) last November for their computer program that optimizes a refuelling schedule for freight trains. Dr. Raviv also works on optimizing other forms of public transport, including the bike-sharing programs found in over 400 cities around the world today.
extracted from 

Sunday, December 4, 2011

දෙකිඳේදී තෙල් ටැංකියක්‌ පීලි පනී

මස්‌කෙළිය - ගාමිණී බණ්‌ඩාර - ඉලංගන්තිලක

නාවලපිටිය සිට කොටගල බලා ධාවනය වූ ඉන්ධන රැගත් බඩු දුම්රියක ඩීසල් ලීටර් 5200 ක්‌ රැගත් ටැංකියක්‌ ඊයේ (4 දා) අලුයම 2.40 ට පමණ වටවල හා ගලබඩ අතර 96 වැනි සැතපුම් කණුව පිහිටි දෙකිඳ ප්‍රදේශයේදී පීලි පැනීමෙන් දැඩි තෙල් කාන්දුවක්‌ සිදුවී ඇත.

මෙම දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට අලාභ හානි සිදුවී ඇති අතර ඉන්ධන ටැංකියටද දැඩි ලෙස අලාභ වී ඇත. මේ නිසා උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු කොළඹ සිට නාවලපිටිය දක්‌වාත්, බදුල්ලේ සිට හැටන් දක්‌වාත් සීමා කර ඇති බව දුම්රිය පාලන මැදිරිය පවසයි.

පීලි පනින ලද දුම්රියේ තෙල් ටැංකිය ඉවත් කිරීමට දොඹකරයක්‌ අවශ්‍ය බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි. පෙරලී ඇති තෙල් ටැංකියේ ඉන්ධන ඉවත් කර ගන්නා ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව මගින් කොටගල ඛනිජ තෙල් සංස්‌ථා නිලධාරීන්ට දැනුම්දී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්‌ පැවැසීය.
තෙල් රැගත් දුම්රියක් පීලි පනී
තෙල් ඉහිරේ
2011 දෙසැම්බර් මස 04 11:45:56 | රංජිත් රාජපක්ෂ
Share
ගලබඩ හා මඩවල අතර දෙකිද දී බඩු දුම්රියක තෙල් ටැංකියක් පීලිපැන තෙල් කාන්දු වෙතියි දුම්රිය බලධරයෝ කියයි. තෙල් ලීටර් 5200 ක් රැගත් මේ ටැංකිය පෙරැළීමෙන් දුම්රියටද දුම්රිය මාර්ගයටද හානි සිදුවී ඇති අතර තෙල් වහා ඉවත් කර ගන්නා ලෙස ඛණිජතෙල් සංථාවේ ගොඩගල මධ්‍යස්ථානයෙන් ඉල්ලා ඇත. උඩරට දුම්රිය ධාවනය වන්නේ බදුල්ල හා හැටන් දක්වාද කොළඹ හා නාවලපිටිය දක්වාද පමණි.

Friday, December 2, 2011

කැඩපත අබියස - උඩරට මැණිකෙට....vidusara1.jpg (14529 bytes)

ඒ 1960 ගණන්වල අග භාගයයි. දෙවරු පාසලක්‌ වූ මගේ පාසල අවසාන වූයේ සවස 2.45ට ය. පාසලේ සිට මරදාන දුම්රිය පොළ බලා කිලෝමීටර් දෙකකට ආසන්න දුරක්‌ පයින් එන අපේ නඩය පස්‌ වැනි වේදිකාවට කඩා පාත් වන්නේ මරදාන අංගනයෙන් කොටුව දුම්රිය පොළට ගමන් කොට නැවත මීරිගම බලා දුවන යකඩ යකා ගේ ආසන අල්ලා ගැනීමට ය.

ක්‍රි. පූ. 600 දී ග්‍රීසියේ වූ Diolkos ගැල් මාර්ගය, ආදිතම පීලි ගැල් මාර්ගයක්‌ ලෙස හඳුනාගනු ලැබ ඇත. හුණුගල් භූමියක්‌ වූ එම ප්‍රදේශයේ හුණුගලෙහි හාරන ලද සමාන්තර කට්‌ටා මාර්ගය තුළ ගැලෙහි රෝදය ගමන් කරන්නේ මානව හෝ සත්ත්ව බලය යොදාගෙන ය. භාණ්‌ඩ මෙන්ම පුද්ගලයන් ද මේ ගැල් මාර්ගයෙහි ප්‍රවාහනය කරන ලද අතර කිලෝමීටර 6-8.5ක්‌ දුරකට කැපුණු මේ පීලි ගැල් මාර්ගය අඩු ම තරමින් අවුරුදු 650ක්‌ පවතින්නට ඇතැයි ඉතිහාසඥයෝ පෙන්වා දෙති. එසේ ම සමකාලීනව දියුණු සංස්‌කෘතීන් වූ මෝල්ටාවේ මෙන්ම රෝම අධිරාජ්‍යයේ ද, මෙවැනි කට්‌ටා කැපූ මාර්ග තිබී ඇත. එහෙත් ඒ සැම මාර්ගයකට ම වඩා ග්‍රීසියේ Diolkosමාර්ගය ඉපැරැණි ය. කාලයා ගේ වැලි පලසට යට වී ගිය එම මාර්ගවලින් පසු තවත් ශතවර්ෂ 15ක්‌ යන තුරු එවැනි විශේෂිත ගැල් මාර්ගයක්‌ අපට හමු වන්නේ නැත.

ක්‍රි.ව. 1550 ගණන් වන විට ජර්මනියේ යපස්‌ කර්මාන්තය අලුත් ධනවතුන් පිරිසක්‌ බිහි කරන්නට සමත් විය. 1556 දී තම පතලෙහි වූ යපස්‌, නගරයට ප්‍රවාහනය කිරීම සඳහා ලාභ හා පහසු ක්‍රමයක්‌ පතල් හිමියකු වූ ජෝර්ජියස්‌ ආග්‍රිකෝලා විද්වතා විසින් සැලසුම් කරන ලදී. ඒ අනුව ඔහු ගේ පතල් වල සිට නගරය වෙතට සමාන්තර ලී පීලි දෙකක්‌ මත තබන ලද රෝද සහිත ගැලක්‌ මඟින් යපස්‌ ප්‍රවාහනය ආරම්භ කරන ලදී. මේ ක්‍රමය ක්‍රමානුකූලව රට පුරා විසිරී සිටින අනෙක්‌ පතල් හිමියෝ ද භාවිත කරන්නට වූ හ. කෙසේ නමුත් ක්‍රි.ව. 1356 දී තරම් දුර අතීතයක පටන් යුරෝපයේ පීලි ගැල් භාවිත කර ඇති බවට ඇතැම් විද්වතුන් අදහස්‌ පළ කර ඇත. එසේ ම ඔස්‌ටේ්‍රලියාවේ පීලි මත දුවන ගැල් ඇති බවට ක්‍රි.ව. 1515 දී කාදිනල් මැතිව්ස්‌ ලෑංග් විසින් කරන ලද ලේඛනයක සඳහන් වී ඇත. එහෙත් සොයා ගන්නා ලද තොරතුරු අනුව ලිඛිතව සටහන් වී ඇත්තේ පීලි මත දුවන ප්‍රථම විධිමත් ගැල් මාර්ගය 1604 දී අවසන් කරන ලද "වොලටන්" ගැල් මාර්ගය බව ය. ඡේම්ස්‌ ක්‌ලිෆර්ඩ් විද්වතා විසින් නිපදවන ලද මේ මාර්ගය ඔහු ගේ ගල් අඟුරු ආකරවලින් ලබා ගන්නා ගල් අඟුරු නගරයට ප්‍රවාහනය කිරීමට යොදා ගන්නා ලද්දකි. මේ මාර්ගය ස්‌ට්‍රෙලි සිට වොලටන් දක්‌වා ගමන් කර ඇති අතර එහි ගැල් කිහිපයක පුරවන ලද ගල් අඟුරු තනි අශ්වයකු විසින් පහසුවෙන් ඇදගෙන යන ලදී. මෙයට සමකාලීනව ස්‌ට්‍රෙලිහි ගල්අඟූරු ආකර හිමියකු වූ හන්ටින්ටන් බියුමොන්ට්‌ විද්වතා ද වඩා පුළුල් ගැල් මාර්ගයක්‌ ස්‌ට්‍රෙලි සිට නිව්කාසල් දක්‌වා නිර්මාණය කර තිබූ බව ඉතිහාසය පෙන්වා දෙයි. ක්‍රමානුකූලව යපස්‌ හා ගල් අඟුරු ආකර ඇති ප්‍රදේශවල ගැල් පීලි මාර්ග බහුල වන්නට විය. එහෙත් ලී පීල්ලේ දුර්වලතා ද අඩු නො වී ය. අධිකව බර යොදන ලද ගැල පීල්ල දිගේ ගමන් කරන විට ඒ මත යොදන පීඩනය හේතුවෙන් ලී පීලි නිතර නිතර අලුත්වැඩියා කිරීමට අවශ්‍ය විම අරුමයක්‌ නො වී ය. මේ පිළිබඳව විමර්ශනය කළ විද්වතුන් ගේ නිර්දේශය මත ක්‍රි.ව. 1760 දී කෝල්බෲක්‌ ඩේල් සමාගම පීල්ලේ මතුපිට, වාත්තු යකඩ කවරයක්‌ මඟින් ආවරණය කරන ලදී. මෙය අපූර්ව නිර්මාණයක්‌ විය. ගැල් රෝද වාත්තු යකඩ පීලි මත කරකැවීමේ දී ඇති වන ඝර්ෂණය අඩු බැවින් වඩා වැඩි බරක්‌ අඩු කාලයක දී ප්‍රවාහනය කිරීමට ආකර හිමියන්ට හැකි විය.

ගැල් රෝදය පීල්ලෙන් ඉවතට පැනීම වැළැක්‌වීම සඳහා රෝදයට කට්‌ටයක්‌ ජෝන් කර් විද්වතා විසින් ඒ යුගයේ දී ම නිර්මාණය කරන ලදී. ඇතැම් විටක ඛ හැඩැති පීල්ලක්‌ මත පැතලි රෝදය භාවිත වූ නමුත් කාලයා ගේ ඇවෑමෙන් අවබෝධ වූයේ කට්‌ටය (FLANGED) සහිත ගැල් රෝදය තියුණු වංගු සහිත මාර්ගයක දී වුව ද පීලි පැනීමකින් තොර ව ධාවනය කළ හැකි බවය. පීලි ගැල් මාර්ග සහ ගැල් රෝදය පිළිබඳව කරුණු විමර්ශනය කළ සිවිල් ඉංජිනේරුවකු වූ විලියම් ජෝසප් විද්වතා "බටර්ලි යකඩ වැඩ කරන්නෝ" ආයතනයේ හිමිකරු බෙන්ජමින් ඖට්‌රාම් සමග එකතුව 1790 දී "බටර්ලි සමාගම" පිහිටුවා ගන්නේ වඩා හොඳ පීලි ගැල් මාර්ගයක්‌ නිර්මාණය කිරීමේ අරමුණෙන් ය. ඒ අනුව මේ සමාගම විසින් ලී සහ වාත්තු යකඩ පීලි ගැල් මාර්ගය වෙනුවට සම්පූර්ණ යකඩ පීලි ගැල් මාර්ග හඳුන්වා දෙන ලදී. එය ඉතා හොඳ තෝරා ගැනීමක්‌ වූ අතර ඉදිරි ශත වර්ෂ භාගයක කාලය පුරා අතුරන සැම ගැල් මාර්ගයක ම පීල්ල, යකඩින් නිෂ්පාදනය කරන ලදී. ක්‍රි.ව. 1860 වන විට බෙස්‌මර් ක්‍රමවේදය මඟින් අඩු මිල වානේ නිපදවීමට හැකි වීමත් සමග යකඩ පීලි වෙනුවට වානේ පීලි සවි වන්නට විය.

ක්‍රි.ව. 1710 පමණ වන විට තෝමස්‌ නිව් කොමන් විද්වතා, තෝමස්‌ සේවරි සහ ඩෙනිස්‌ පැපින් යන විද්වතුන් ගේ සහායයෙන් වාෂ්ප ඇන්ජිම නිර්මාණය කර හමාර ය. ඇත්ත වශයෙන් ම මේ වාෂ්ප ඇන්ජිම ඒ වන තෙක්‌ යොදා ගනු ලැබුවේ පතල්වල එකතු වන ජලය පතලෙන් ඉවත් කිරීම සඳහා ය. අති විශාල ඇන්ජිමක්‌ වූ එය පිළිබඳව ස්‌කොට්‌ ජාතික ඉංජිනේරුවරයකු වු ඡේම්ස්‌ වොට්‌ විද්වතා විසින් දක්‌වන ලද්දේ අසීමාන්තික උනන්දුවකි. නිව් කොමන් විද්වතා ගේ වාෂ්ප ඇන්ජිමට කරන ලද යම් යම් සංස්‌කරණයන් මඟින් කපු කටින යන්ත්‍රවලට මෙන්ම තවත් විවිධ යන්ත්‍රවලට අවශ්‍ය බලය ලබා දීමට ඡේම්ස්‌ වොට්‌ විද්වතාට හැකි විය. ක්‍රි.ව. 1784 වන විට වොට්‌ විද්වතා විලියම් මර්ඩොක්‌ ගේ ද සහාය ඇති ව සෛද්ධාන්තික ජංගම වාෂ්ප ඇන්ජිම නිර්මාණය කර ඊට බුද්ධිමය අයිතිය ද ලබා ගත්තේ ය. තවත් දශකයක්‌ ඇවෑමෙන් ක්‍රි.ව. 1794 එක්‌සත් ජනපදයේ ජෝන් µsච් විද්වතා විසින් ප්‍රායෝගිකව භාවිත කළ හැකි ජංගම ඇන්ජිම නිර්මාණය කරන ලදි. එහෙත් එහි වූ යම් යම් දුර්වලතා හේතුවෙන් එම ඇන්ජිම සමාජගත වූයේ නැත. තවත් දශකයක්‌ ඇවෑමෙන් ක්‍රි.ව. 1804 දී එහි වූ අඩුපාඩු නිවැරැදි කොට එක්‌සත් රාජධානියේ ඉංජිනේරුවකු වූ රිචර්ඩ් ට්‍රෙවිනික්‌ විද්වතා විසින් ජංගම ඇන්ජිම නැවත ප්‍රතිනිර්මාණය කරන ලදී. ඒ අනුව ක්‍රි.ව. 1804 පෙබරවාරි 21 වැනි දා මෙතෙක්‌ අශ්වයන් විසින් පීලි මත ඇදගෙන ගිය යපස්‌ සහ ගල් අඟුරු ගැල් මේ යාන්ත්‍රික අශ්වයා විසින් ඇදගෙන යන ලදී. මේ පළමු ජංගම ඇන්ජිමට නමක්‌ යොදා නො තිබූ බව ද මෙහි දී මතක්‌ කළ යුතු ය. වඩාත් දියුණු කරන ලද දුම්රිය ඇන්ජිම මැතිව් මරේ විද්වතා විසින් Salmanca නමින් 1812 දී නිපදවන ලදී. ට්‍රෙවිනික්‌ විද්වතා නිපදවන ලද ඇන්ජිම බලපහර එකක්‌ වන විටSalmanca, ද්විත්ව බල පහරකින් ක්‍රියාත්මක වන ඇන්ජිමකින් සමන්විත විය. ක්‍රි.ව. 1813 දී විලාම් කොලියර් රේල්වේ සමාගම වෙනුවෙන් ක්‍රිස්‌ට්‍රොaපර් බ්ලැකෙටි සහ විලියම් හෙඩිලි යන විද්වතුන් විසින් නිපදවන ලද Puffing Billy නම් වූ දුම්රිය ඇන්ජිම ලන්ඩන් විද්‍යා කෞතුකාගාරයේ අදට ද ප්‍රදර්ශනය කෙරේ. එහෙත් මේ සියලු ම ඇන්ජින්වල යම් යම් දුර්වලතා වූ බව අප පිළිගත යුතු ය. ක්‍රි.ව. 1814 දී කිලිංවර්ත් ගල් අඟුරු සමාගමේ කළමනාකාරවරයා එතෙක්‌ මෙතෙක්‌ නිපදවන ලද සැම දුම්රිය ඇන්ජිමක ම වූ දුර්වලතා සොයා බලා නවතම දුම්රිය ඇන්ජිමක්‌ නිර්මාණය කළේ ය. වෘත්තියෙන් ඉංජිනේරුවරයකු නො වූ මේ පුද්ගලයා නමින් ජෝර්ඡ් ස්‌ටීවන්සන් විය. ඔහු විසින් නිපදවන ලද Blucher නම් ජංගම ඇන්ජිම මහජන ප්‍රවාහන සඳහා අනුමැතිය ලබාගත් පළමු දුම්රිය ඇන්ජිම ලෙස නම් කළ හැකි ය.

ක්‍රමානුකූලව දුම්රිය මහජන විශ්වාසය දිනා ගන්නට විය. ගල් අඟුරු කර්මාන්තයේ යෙදී සිටි ධනවත් ව්‍යාපාරිකයෝ සහ සමාගම් දුම්රිය නිෂ්පාදනයට මුදල් ආයෝජනය කරන්නට වූ හ. දුම්රිය ගමන වේගයෙන් ඈත දුර බැහැර කරා ඇදෙන්නට විය. සංඛ්‍යාලේඛන සැලකුව හොත් ක්‍රි.ව. 1830 දී බ්‍රිතාන්‍යයේ වූ සමස්‌ත දුම්රිය මාර්ගවල දිග සැතපුම් 98ක්‌ වූ අතර අවුරුදු 25ක්‌ ගෙවෙන විට 1855 දී එය සැතපුම් 8280ක්‌ වි තිබිණි. ක්‍රමානුකූලව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත්විජිත කරා ද දුම්රිය ළඟා වන්නට විය. එවකට බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්‌ ව තිබූ ඉන්දියාවට ඔවුහු ඉතා ඉහළ මට්‌ටමේ දුම්රිය මාර්ග ජාලයක්‌ තිළිණ කර දුන් හ. 1940 වන විට ලෝකයේ දිග ම දුම්රිය මාර්ග ජාල අතරින් ඉන්දියාවේ මාර්ග ජාල 04 වන තැනෙහි විය.

1900 මුල් අවධියේ පටන් ඩීසල් භාවිත කරමින් විදුලිය උපදවා එම විදුලියෙන් ඇන්ජිම ධාවනය කරවීම පිළිබඳව විද්වත්හු පර්යේෂණ කළ හ. ලෝක යුද්ධ, ආර්ථික ගැටලු, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුළ වූ ගැටලු ආදිය හේතුවෙන් මේ පර්යේෂණවල ප්‍රතිඵල මානවයා වෙත ළඟා වූයේ ඉතා සෙමින් ය. කෙසේ නමුත් 1960 ගණන් වන විට ඩීසල් විදුලිය දුම්රිය රේල් පීලි මත හෙමින් හෙමින් ගමන් ආරම්භ කරන්නට විය. ඒ සමග ම වාගේ අධිවේගී දුම්රිය සංකල්පය ද දියුණු රටවල දී බිහි වන්නට විය. ඒ අනුව 1960 ගණන්වල දී ම ජපානයේ ටෝකියෝ සහ ඔසාකා අතර පැයට කිලෝමීටර් 300ක වේගයෙන් ධාවනය වන පළමු අධිවේගී දුම්රිය නිර්මාණය විය.

අද වන විට ලෝකයේ සංවර්ධන ඉලක්‌ක සාර්ථක කරගත් සැම රටක ම විශාලතම සහ කාර්යක්‌ෂ්ම ප්‍රවාහන පද්ධතිය වන්නේ දුම්රිය ප්‍රවාහන පද්ධතියයි. දුම්රිය කෙරෙනි නිසි අවධානය යොමු නො කර රටක ප්‍රවාහන පද්ධතිය කාර්යක්‌ෂ්ම හා ඵලදායී කර ගත නොහැකි බව බොහෝ විද්වතුන් ගේ මතයයි.

වෛද්‍ය සමන් ගුණහේරත්

 

Thursday, December 1, 2011

දුම්රිය ස්‌ථානවල නිවේදකයන්ට 
ත්‍රී භාෂා කථන පුහුණුවක්‌ 

අකිත පෙරේරා 

දුම්රිය ස්‌ථානවලදී සිදු කෙරෙන දුම්රිය ගමනා ගමනය සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කෙරෙනු ලබන නිවේදන කටයුතුවලදී රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කරන බවත් එබැවින් එම නිවේදකයන් සඳහා ත්‍රීභාෂා කථන පුහුණු වැඩමුළුවක්‌ පැවැත්වීමට රාජ්‍ය භාෂා කොමිසම තීරණය කර ඇත. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේදී මෙම කථන පුහුණුව වැඩමුළුව පැවැත්විණි.

එම නිවේදන කටයුතුවල නිරතවෙන පුද්ගලයන් පනස්‌ දෙනකු සඳහා පැවැත්වූ මෙම වැඩමුළුව කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනය විසින් මෙහෙයවීය. ඒ අනුව මින් ඉදිරියට එම ගමනා ගමන කටයුතු රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට ගැලපෙන පරිදි සිංහල, දෙමළ, සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම සිදු කළ යුතු වනු ඇත.

මෙම නිවේදන භාෂා තුනෙන්ම සිදු කළ යුතු වුවද පළපුරුදු නිවේදකයන් ප්‍රමාණවත් නොවන බැවින් බොහෝ දුම්රිය ස්‌ථානවලදී භාෂා තුනෙන්ම දැනුවත් කිරීම් සිදු නොවන බවද රාජ්‍ය භාෂා කොමිසමේ උසස්‌ නිලධාරියකු පැවසූ අතර ඒ සම්බන්ධව කොමිසමට පැමිණිලි ලැබී ඇති බවද පැවැසීය.
 
බදුල්ල-වැල්ලවාය යෝජිත 
දුම්රිය මාර්ගයට ශක්‍යතා අධ්‍යයනයක්‌

රනිල් ධර්මසේන

බදුල්ල සිට වැල්ලවාය දක්‌වා යෝජිත දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක්‌ සිදු කිරීමට රජය තීරණය කර ඇත.

මේ යටතේ බදුල්ල සිට බිබිල හා මොණරාගල හරහා වැල්ලවාය දක්‌වා නව දුම්රිය මාර්ගයක්‌ ඉදිකිරීමට නියමිතය. මෙම දුම්රිය මාර්ගයේ දුර කිලෝමීටර් 80 ක්‌ පමණ වේ.

ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයන සඳහා කොන්ත්‍රාත්තුව ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පවරා තිබේ. මෙම ප්‍රදේශයේ ඇති උස මට්‌ටම සැලකිල්ලට ගෙන බදුල්ල, වැල්ලවාය, මොනරාගල, හා ඇඹිලිපිටිය යන නගර ඇතුළත්ව රටේ ගිනිකොණ ප්‍රදේශ පළමුව ආවරණය වන පරිදි මෙම අධ්‍යයනය සිදුකෙරේ.

ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා මේ පිළිබඳව ඇමැති මණ්‌ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට එහි අනුමැතියද හිමිව ඇත.